පන්තියෙ පිස්සුම කෙලපු ඌ
දැන් බැංකුවක වැඩලු
ලොකු පඩියකුත් ගන්නවලු
ලගදි හොනට් එකකුත් ගත්තලු
පන්තියෙ හිටපු වැඩ්ඩ වෙච්ච මං
තාම පරණ ඩිස්කවර් කටුවක් පදින ගමන්
ටයිල් අදිනව
ඊරිසියයි තමයි යකෝ
මං තාම රහත් වෙලා නෑ
~~ පුපුරන මං ~~
Showing posts with label මිනි කවි. Show all posts
Showing posts with label මිනි කවි. Show all posts
Friday, October 2, 2015
අංකල්
මගෙ පුතා ඉතාලියෙ
දුව ඇමරිකාවෙ
එයාල අපිට අවුරුද්දකට සැරයක් බඩු එවනව
අපි කන්නෙ බොන්නෙ පිටරට දේවල් විතර්යි
මගෙන් ඉල්ලගත්ත සිගරට් එක අදින ගමන්
මටම කියවන අංකල්
උඹේ ඔය පම්පෝරිය කියපන්
මොන්ටිසෝරි යන ලමයෙකුට
~~ එපා වුන මං ~~
දුව ඇමරිකාවෙ
එයාල අපිට අවුරුද්දකට සැරයක් බඩු එවනව
අපි කන්නෙ බොන්නෙ පිටරට දේවල් විතර්යි
මගෙන් ඉල්ලගත්ත සිගරට් එක අදින ගමන්
මටම කියවන අංකල්
උඹේ ඔය පම්පෝරිය කියපන්
මොන්ටිසෝරි යන ලමයෙකුට
~~ එපා වුන මං ~~
Thursday, October 1, 2015
මාස පඩිය
මාසෙ අන්තිම වෙනකන්
කෙල හල හල ඉඳ
අතට ආ සැණින් දියවී යන
පහුවදා ඉඳන්
ඊලඟ මාසෙ ඉවර වෙනකන්
ආයෙ කෙල හල හල බලාගෙන ඉන්න වෙන
සීනි කැටයකි උඹ
මාසෙ පඩිය
~~ හිඳුන මං ~~
කෙල හල හල ඉඳ
අතට ආ සැණින් දියවී යන
පහුවදා ඉඳන්
ඊලඟ මාසෙ ඉවර වෙනකන්
ආයෙ කෙල හල හල බලාගෙන ඉන්න වෙන
සීනි කැටයකි උඹ
මාසෙ පඩිය
~~ හිඳුන මං ~~
Wednesday, September 30, 2015
කෙලවීමට පෙර
හැමකෙනෙක්ම ජීවිතයේ
එක් වතාවක් හෝ අත්විඳ ඇති
කෙලවීමට පෙර දැනෙන
හැඟීමට ගැහීමට
වෙන දෙයක් නම්
ලොව නැති
~~කෙලවුන මං~~
එක් වතාවක් හෝ අත්විඳ ඇති
කෙලවීමට පෙර දැනෙන
හැඟීමට ගැහීමට
වෙන දෙයක් නම්
ලොව නැති
~~කෙලවුන මං~~
Subscribe to:
Posts (Atom)
