Powered By Blogger

Friday, July 3, 2015

මගේ හිතලුවක්

ලැසි ගමනින් පැමිණි බස් රථය බස් නැවතුමට ලඟාවිය. බසයට නැගුණු මොහොතේ සිට මා නෙත් සොරා ගත් ඇයගේ නැවතුමත් මෙය බව ඇගේ ඉරියව් අධ්‍යයන කරමින් මට වැටහුණි. මාගේ නැවතුම තව නැවතුම් දෙකකට එහේයින් තිබුනත් මටම අවනත නොවූ මගෙ දෙපා ඈ පසුපස ඇදෙන්නට විය. පෙර සූදානම් කරගත් මාගේ දුරකතන අංකය සටහන් කරගත් කඩදාසි කැබැල්ල මාගේ එක් අතක විය. ඈ පසුපසින්ම බසයෙන් බැසගත් මා ඇයට කතා කිරීමට උත්සාහ කරත්ම මාගේ ජංගම දුරකතන නාද විය. එයට ශාප කරමින් දුරකතනය අතට ගත් මා ඒ දෙස නොබලාම ඇමතුම විසන්දි කොට ඈ දෙසට පා තැබීමි. යලිත් මාගේ ජංගමය නාද වන්නට විය. අමතන්නාට හිතින් බැණ වදිමින් මම දුරකතනයේ තිරය දෙස බැලීමි. මාගේ පෙම්වතියගේ සිනාමුසු මුහුණ එහි සටහන්ව තිබිණි. මා පෙම්වතිය මුණගැසීමට යමින් සිටි බව මට සිහි වූයේ එවිටය. ඒ වන විට වේලාව උදෑසන නවය පසුවී විනාඩි දහයක් ගතවී තිබිණි. මා ඇයට පෙරදින පොරොන්දුවූයේ උදෑසන නවය වනවිට ඈ හමුවන බවයි. ආගන්තුක තරුණිය ඒ සියල්ල මාගේ මනසින් මකා දමා තිබිණි. 
යලි බසයක නැගී පෙම්වතිය මුණගැසෙනවාද නැතහොත් ආගන්තුක තරුණිය පසුපස ගොස් ඇයට දුරකතන අංකය දී පසුව පෙම්වතිය හමුවීමට යනවාදැයි මඳක් වෙලා සිතින් තර්ක කල මම ආගන්තුක තරුණිය පසුපස යෑමට හිතා ගතිමි. 
මම කොච්චර වෙලා එයා එනකන් රස්තියාදු වෙලා තියෙනවද? අද ඔන්නඔහෙ ටිකක් බලන් හිටපු දෙන් 

ඒ ආකාරයට සිත සනසා ගත් මා ආගන්තුක තරුණිය දෙසට පා තැබීමට සිතා ඉදිරිය බලන විට ඈ අතුරුදහන්ව සිටියාය. පෙම්වතියට සිතින් බැනවදිමින් මම ඉක්මන් ගමනින් ඉදිරියට පා තැබීමි. ඒ අතර යලිත් මාගේ ජංගමයා නාද වන්නට විය. එය පරික්ශා කරන විට යලිත් මාගේ පෙම්වතියම මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටියාය.
මහත් වූ කෝපයෙන් යුතුව ඇමතුම විසන්දි කල මා යලිත් තරුණිsoසොයාා ැබීමි. මේ අතර යලි යලිත් මාගේ ජංගම දුරකතනය නාද වූවත් මම එය නොසලකා සිටියෙමි.
බොහෝ වේලා නගරය පුරා ඒ මේ අත ඇවිද ගියත් ආගන්තුක තරුනිගේ සේයාවක්වත් දැකීමට නොහැකි විය. සිය ගණනක් වූ මිනිසුන් මැද ඈ අතුරුදහන්ව සිටියාය.
ඈ සොයා ගත නොහැකි තැන මා යලි පෙම්වතිය හමුවීමට සිතා යලි බසයකට ගොඩ වීමි. ඒ වන විට වේලාව පෙරවරු දහයද පසුවේ තිබිණි. පෙම්වතියට කියන්නට කතාවක් සිතින් ගොතන ගමන් මම ඇයට ඇමතුමක් ගන්නට ජංගමය අතට ගත්තෙමි. ඒ වන විට පෙම්වතියගෙන් මගහැරුනු ඇමතුම් රාශියක් විය. මා ඇයට ඇමතුමක් ගෙන බොහෝ වේලා ගත වූ පසු නුපුරුදු පිරිමි කටහඩක් දුරකතනයෙන් ඇසෙන්නට විය.
හෙලෝ 
කවුද ඔයා? කොහොමද මේ ෆෝන් එක ඔයාගෙ අතට ආවෙ?
ආ මේ ෆෝන් එක ලග තිබුනු ගෑනු ලමය වෑන් එකකට හැප්පුනා. මන් තමා ඒ ලමයව හොස්පිටල් ගෙනාවෙ. 
මාගේ කකුල් පණ නැතුව යනවාක් මෙන් මා හට දැනුණි. මම බසයෙහි අසුනක් දැඩි කර අල්ල ගතිමි.
හැප්පුනා?? ඒ කොහොමද? මොකද උනේ?
වෙව්ලන හඬින් යුතුව මම නුපුරුදු පිරිමි හඬින් ප්‍රශ්න කලෙමි.
මේ ලමය ෆෝන් එක කනේ තියා ගෙන පාර බලන්නෙ නැතුව පාර පනින්න හැදුව. එතකොටම අවිල්ල වෑන් එකේ හැප්පුන. මග ගේන කොටම හුස්ම ගියා මම හිතන්නෙ 
මාගේ ඇස් නිලංකාරවීගෙන ගියේය.

අයියෙ ඔයා කවදාවත් මේ නංගිටනම් වංචාවක් කරන්න හිතන්නවත් එපා. ඔයා එහෙම කරන්න හිතුවත් මාව මැරිලම යන්න ඕනෙ.
තොදොල් හඬින් ඈ පැවසූ වදන් මාගේ සවන් පුරා විසිරෙන්නට විය. දුරකථනයෙන් තව මොනාදෝ කිව්වත් මාගේ සවn පෙම්වතියගේ හඬින් පිරී තිබිණි.
අතින් ලිස්සා දුරකතනය බිම වැටෙනවාවත් මට නොදැනිණි. බිම බලන විට ඈ දුරකතනයේ තිරය තුලින් මා දෙස බලා මද සිනා පාමින් උන්නාය. මට මතක තිබුනේ එය පමණි.

Tuesday, May 19, 2015

දවසෙ start එක....

ගොන් බූරුවො නැගිටපිය මූසලය වගේ තවත් නිදාගෙන ඉන්නෙ නැතුව....                                                  රෑ තිස්සෙ මගුල් බලල බලල මෙතන පුකට ඉර එලිය වැටෙනකන් නිදි........ තෝ නැගිට්ටෙ නැත්තන් දෙන්නෙ පයින් දැන ගනින්
 උදේ පාන්දර 9ට විතර තාත්තගෙ මුවෙන් පිට උන මේ සුන්දර වදන් මාලාවත් අහගෙනම මන් අවදි උනා. තව ටිකක් ඇදේ පෙරලි පෙරලි හිටියොත් ආදරණිය පියාණන්ගෙන් පයින් පාරක් කන්න වෙන බව දැනන් හිටපු හින්ද  කබ කඩන ගමන්ම ඇදෙන් නැගිට්ට මම සාලෙට යන්න හදද්දි ඇගට හීන් හුලන් පාරක් වැදුන. 

හුටා කෝ යකෝ මන් ඊයෙ රෑ ඇදන් නිදාගත්ත සරම? 

මෙහෙම එලියට ගියානම් මන් වසල හමාරයි. සරම ඇඳ උඩත් නෑ යටත් නෑ. බබ්බු දුසිම් 100කට 200කට නවාතැන් සපයපු මගෙ සරමෙන් මන් දන්න තරමින් කාටවත් වැඩක් නෑ. 
ඉස්සරහ ගෙදර පවනි නංගිවත් සරම ඉස්සුවද?  
මගෙ කාමරේට එන්නනම් අනිවාරෙන්ම ජනේලෙන් පනින්න ඕනෙ. ඒකි ජනේලෙන් පනිනව තියා දොරෙන් එන්නෙත් බොහොම අමාරුවෙන්. එච්චර සයිස්. ඒ හින්ද ඒක වෙන්න විදියකුත් නෑ.
මන් ටිකක් කාමරේ කැරකිල බැලුව. සරමෙන් එන සුපුරුදු සුවඳ තාම කාමරේ තියෙනව. ඒ කියන්නෙ සරම තාම කාමරේ.
ආ..... මේ තියෙන්න බඩ්ඩ.. කොහොමද යකෝ මේක අල්මාරිය උඩට ගියෙ? 
මේව මාව ලැජ්ජාවට පත්කරන්න කරපු විජාතික කුමන්ත්‍රණ...
සරම හන්ඟපු කුමන්ත්‍රණකාරයින්ට හිතින් කුණුහරප දෙකක් කියල බනින ගමන් මම සරමත් පටලගෙන එලියට බැස්ස.

ආ...... තෝ නැගිට්ටද? තව ටිකක් බලල මන් වතුර බේසමක් අරන් එන්නයි හිටියෙ. 
අම්මත් මාව උණුසුම් විදියට පිලිගත්ත.
ඉක්මනට තේ එකක් හදල දෙන්න අම්මෙ.. අද වැදගත් වැඩකට යන්න තියෙනව 
අනේ උඹටතියෙන වැදගත් වැඩ? අර මොකෙක්හරි එකෙක්වත් අල්ල ගෙන කොහෙහරි ඉන්න කෙල්ලෙක්ව බලන්න යන්න නේද හදන්නෙ.... 
ඒ මගෙ චූටි නංගි. අපේ ගෙදර මිනිස්සුන්ව මට විරුද්දව උසි ගන්නන්නෙත් මගෙ ආදර නංගි තමයි.
අනේ මේ උඹට ඒකෙන් වැඩක් නෑනෙ. උඹ උඹේ වැඩක් බලා ගනින්. මගෙ සුදු අම්මි මට තේ එකක් හදල දෙන්නකො 
යමන් ගිහින් දත් ටික මැදන් වරෙන් තේ බොන්න කලින්. උඹ සතියකින් විතර දත් බුරුස්සුව අල්ලනවවත් මන් දැක්කෙ නෑ. මදින්න අමාරු වගේ නම් අර කපන කටුවත් අරන් යමන්. 
 මගෙ ආදරණීය පියාණනනුත් බාල්දි පෙරලන්නෙ මටම තමයි. ඉස්සරහ ගෙදර පවනි නංගිත් කින්ඩියට හිනා වෙනව. මන් ඉතින් ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන දත් මදින්න ගියා.

ඒ තමා මට අපේ ගෙදර තියෙන පිලිගැනීම. ඒ විදියට දවස පටන් ගත්තම දවසම සුබයි ඉතින්. අපේ පවනි බඩ්ඩටත් මට හිනා වෙන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. මන් පවනි ගැන කියෙව්වට මගෙ ලව් එක පවනි නෙමෙයි හරිය. පවනි මට ලව් එක වෙනම කතාවක්. මාත් ඉතින් අහිංසක හිත් තලන්න කැමති නැති හින්ද පොඩ්ඩක් පවනි නංගිටත් බැල්මට් එක දානව. කාගෙ උනත් දරුවොනෙ ඉතින්.

Thursday, May 7, 2015

ටැස් කිරීමේ පෝස්ටුවක් බව කරුණාවෙන් සලකන්න

ටැස්ටින් වන් ටූ ටී වන් ටු ටී. ටොක් ටොක් ටොක්. හූස් හූස්. 
ගොඩ බඩ්ඩ වැඩ තාම. අනේ මල්ලී, ඔය කොස්ස ගෙනත් මේ මකුලු දැල් ටික කඩල දාපන් හොඳ එකා වගේ. අඩේ ඒ ටිකට නමත් උස්සල. මොන සුක්කානුවද බොල නම ඉස්සුවෙ. හරි මචන් ගින්නක් නෑ. ඔරවන්න ඕනෙ නෑ. උබ ඕක තියා ගනින්. අපි වෙන අතක් බලා ගන්නම්.
එහෙනම් අපි ආයෙත් එන්නෛ හදන්නෙ. ඉතින් අපිට මොකෝ කියලනම් අහන්න එපා. අහිංසක හිත්නෙ. දුක හිතෙනව. එහෙනම් ලගදිම හම්බෙමු. ජය වේවා.

Tuesday, December 18, 2012

අහවලාගේ නොකිවූ ලව

ගමේ ගොඩේ ඇලේ වෙලේ කරක් ගහ ගහ ඉන්න කොට එක පාරටම මතක් උනා දෙයියනේ මටත් බ්ලොග්ගුවක් කියල එකක් තියෙනව නේද කියල. අද මට හිතුන අමුතුම කතාවක් කියන්න. මේ මම වෙන්නත් පුලුවන් මගෙ පාප මිත්‍රයෙක් වෙන්නත් පුලුවන් ඒත් නැත්තම් මේ කියවන ඔයාම වෙන්නත් පුලුවන්. මේකටත් අපි අහවලා කියලම කියමු. කතාව පටන් ගන්නෙ අහවලා 7 වසරෙ ඉද්දි. දවසක් රෑ නිදාගෙන ඉද්දි අහවලාට හිතුන දැන් කෙල්ලෙක් හිටියනම් හොදයි කියල. ඊට පස්සෙ අහවලා කල්පනා කලා මොන වගේ කෙල්ලෙක්ද අහවලාට ගැලපෙන්නෙ කියල. ඔන්න එතකොටම මතක් උනා ගමේම හිටපු ලස්සන කෙලි පොඩිත්තක් ගැන. ඒ දැරිවිත් අහවලගෙ වයසෙමයි. ඒ දැරිවිට අහවලාගෙ හිත ඇදිච්ච එක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. අහවලයි මේ දැරිවියි ගියෙ එකම දහම් පාසලට. අහවලාගෙ පන්තියෙ කොල්ලෙක්ට හිටියෙ අහවලා විතරයි. කෙල්ලො දුසිමක් මැද්දෙ තනි වුන අහවලාට පිහිටට හිටියෙ මේ දැරිවි තමයි.  ඔන්න එදා ඉදන් අහවලා හැමදේම කලේ ඒ දැරිවිට පේන්න. දැන් කාලෙ ඒ කරපු දේවල් වලට කියන්නෙ ගොන් පාට් කියල. මොනා කරන්නද ඉතින්? අහවලා එතකොට කුක්කනෙ. ඒ දැරිවි හිටියෙ අහවලාගෙ ඉස්කෝලෙට අල්ලපු ඉස්කෝලෙ. මේ දෙන්න මුනගැහුනෙ දහම් පාසලේදි විතරක් නෙමෙයි. ටියුෂන් පන්ති වලදිත් මේ දෙන්න හම්බුනා. ඔන්න ඉතින් ඔහොම කාලයක් ගත වෙද්දි අහවලාට තෙරුනා කෙල්ලත් කැමතියි කියල. දැන් ඉතින් අහවලාට නිකන් නත්තල් වගේ. එහෙන් මල් වෙඩි පත්තු වෙනව. මෙහෙන් නිලා පත්තු වෙනව. අරහෙන් බඹර චක්‍ර පත්තු වෙනව වැඩ කෝටියයි. නිකන් කොටි ගහනව වගෙ. හැබැයි අහවලා ඒ දැරිවිට මුකුත්ම කියල තිබුනෙත් නෑ. එතකොට අහවලා 9 වසරෙ. අහවලා මුකුත් අහුවෙත් නැතුව දැරිවි මුකුත් කිව්වෙත් නැතුව මේ මොකක්ද එක ඔහේ 11 වසර විතර වෙනකන් ගලාගෙන ගියා. ඔන්න ඔය කාලෙදි දැරිවිගෙ අක්කට කොල්ලෙක් සෙට් වුනා. වැදගත්ම දේ මුලින් කියන්න අමතක වුනා. මේ දැරිවි නිව්න්නු දෙන්නෙක්ගෙන් නංගි. අක්කට සෙට් වුනේ අහවලාගෙම යාලුවෙකුට. ඉතින්  කොහොමෙන් කොහොමෙන් හරි අහවලාලට සා/පෙ ත් ලං වුනා. ඔය කාලෙ වෙද්දි අහවලාට ආරංචියක් ආව අහවලාගෙ දැරිවිට අක්කගෙ කොල්ලගෙ යාලුවෙක් බැල්ම දානව කියල. අහවලා ඒ ගැන හොයල බලද්දි වෙන්න ඔනෙ දේවල් වෙලා ඉවරයි. සෑහෙන කාලයක් සාංකාවෙන් හිටපු අහවලා දුක තුනී කර ගන්න එක එක දේවල් කලා. බෝතලෙත් එක්කත් යාලු වුනා. දැන් ඒක වෙලා ගොඩක් කල්. අහවල තව කෙල්ලො පස්සෙන් ගියා. තව යනව. හැබැයි එකක්වත් උවමනාවෙන් කරන්නෙ නෑ. ඔක්කොම අතර මැද නවත්තනව. අහවලා අර දැරිවිගෙන් යාලු වෙන්න ඇහුවෙත් නෑ. ඒක හින්ද වෙන්න ඇති ඒ දැරිවි පිට ගියෙ. මොනා කරන්නද ඉතින්????? දුක තමයි රංජනී කියල දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමයි දැන් අහවලාට වෙලා තියෙන්නෙ.

Tuesday, October 2, 2012

මගේ පාප මිත්‍ර සේනාව

ටික දවසකට පසු සජ්ජ යලි කරලියට. පහුගිය දවස් ටිකේ සජ්ජ ලෙඩ ඇඳේ. තාමත් එහෙම තමයි. ඒ උනාට කාටද අප්ප පුලුවන් ඇඳටම වෙලා ඉන්න? ඉතින් මගෙ පලවෙනි පෝස්‍ටුව බලල කොමෙන්ට් කොටපු හැමෝටම ටැන්කු වේවා. අද මට හිතුන මගෙ පාප මිත්‍ර සමාගම ගැන පොඩ්ඩක් කියල දාන්න. මගෙ පාප මිත්‍රයො ඔක්කොම ගැන දාන්න1 පෝස්‍ටුවක් මදි වෙය්. බැරි වෙන උන් ගැන කමින් සූන් පෝස්‍ටු වල දාන්නම්කො.
                                                     මුලින්ම විමා. විමා වනාහි පුර්ෂයෙකි. මූ අවදි වන්නේ හිමිදිරි පාන්දර 11ට පමණ වේ.  ඌට ආදරේට කියන්නේ කොබා කියාය. අපේ සෙට් එකේ කරන තරමක් කුපාඩි වැඩ කරන්නේ මූ ය. මූ පෙර කලක එක්තරා නාරි දේහයක් පසුපස ගොස් චාටර් වී දැන් සුපුරුදු සුවෙන් වාසය කරයි. තව කීමට විශේෂ කරුණක් තිබේ. විමා නාන්නේ වර්ෂා කාලයට පමණී. ඒද බැරි වෙලාවත් වැස්සට අහු වූ විටය.
                                                     ඊලගට ගොපාය. මූද තරමක් විමාට සමාන වේ. විමා මෙන් හිමිදිරි පාන්දර අවදි වීමට කැමැත්තක් දක්වන ගොපා නිතරම නා ගනී. අප සියලු දෙනාට වඩා කම්පීටර් දැනුමක් ඇති මූව ෂේප් එකේ තබා ගැනීම නුවනට හුරුය. අපගේ නිල චිත්තරපට සැපයුම් කාරයාද ගොපාම වේ. නිල චිත්තරපට කිව්වාට ඒවා නිල් චිත්තරපට නොවේ. මොනා උනත් ගොපා නියම බුලකි.
                                                     අපේ සෙට් එකේ තවත් චාටර් බුලක් වන්නේ ගයා ය. ඌට ආදරේට කියන්නේ ගබුවා කියාය. ගබුවට කල ගෙඩියක් තරම් බඩ ගෙඩියක්ද ඔලුව පුරාම මොලේද තිබේ. ඒ මක් නිසාද යත් අපේ සෙට් එකෙන් උ/පෙ ට හොද ප්‍රතිපලයක් බලාපොරොත්තු වන්නේ ඌ පමණී. ඌත් නෑමට ටිකක් හොරය. නමුත් කෑමට නම් ටිකක්වත් පසුබට වන්නේ නැත.
                                                     අද පෝස්‍ටුවෙන් අවසානෙට කතා කරන්නේ අචියා ගැනය. උගේ ආදර නාමය වන්නේ කට්ටා ය. අප සා/පෙ කල කාලයේදී පන්ති කට් කිරීමට පෙරමුන ගන්නේ කට්ටා ය. තවද අප සෙට් 1 අතරින් කාන්තා පාර්ශවය පිලිබඳ දැනුමෙන් කට්ටා දෙවෙනි වන්නේ එසියාට පමණි. එසියා පිලිබඳව වෙනමම පෝස්‍ටුවකට සෑහෙන තරම් කරුනු පවතින නිසා ඌ ගැන  දැන් කරුනු නොදක්වමි. නැවත කට්ටා ගැන කිව්වොත් ඉල්ලන් කෑම කට්ටාගේ විනෝදාංශය වේ.  
                                                                        
                                                     ඉතින් මේ මගේ පාප මිත්‍රයන්ගෙන් කොටසක් විතරයි. ඉස්සරහට කතා කියන්න මේ ටිකත් ඕන වෙන හින්ද වෙන වෙනම අඳුන්වල දෙන්න හිතුන.
                                                                      එහෙනම් ජය වේවා............ ආයෙ පෝස්‍ටුවකින් හම්බෙමු.

Thursday, September 27, 2012

මාත් ඔන්න පටන් ගත්ත

ඉතින් ඉතින්.... ‍තෝරු මෝරු අස්සෙ කරක් ගගහ හිටපු හාල් මැස්සෙක්  වුන මටත් හිතුන චූටියට බ්ලොග් කෑල්ලක් පටන් ගන්න. මුලින්ම මං ගැන කිව්වොත් හලාවත මාදම්පෙ නෙලුම්පොකුන කියන ගමේ ජීවත් වෙන හැන්ඩ්සම් පට්ට පදිරි බුලට් එකක්. මං හිතන්නෙ එහෙමය්. එත් මගෙ පාප මිත්‍ර සේනව කියන්නෙනම් මං වගෙ චාටර් බුලක් ලොවෙත් නෑ කියල. අම්මය් තාත්තය් අය්යය් නංගිය් තමය් මගෙ පවුලෙ ඉන්නෙ. මේ පාර උ/පෙට maths කරල මෙ දවස් වල ගෙදරට වෙලා බකන් නිලා ගෙන ඉන්නව. එහෙනම් මාත් අද ඉදන් පටන් ගත්ත. ඔක්කොටම ජය වේවා................ 

ප/ලි වැරදි තියෙනවනම් කියල දීල මටත් සහයෝගයක් දෙන්න