Powered By Blogger

Friday, July 3, 2015

මගේ හිතලුවක්

ලැසි ගමනින් පැමිණි බස් රථය බස් නැවතුමට ලඟාවිය. බසයට නැගුණු මොහොතේ සිට මා නෙත් සොරා ගත් ඇයගේ නැවතුමත් මෙය බව ඇගේ ඉරියව් අධ්‍යයන කරමින් මට වැටහුණි. මාගේ නැවතුම තව නැවතුම් දෙකකට එහේයින් තිබුනත් මටම අවනත නොවූ මගෙ දෙපා ඈ පසුපස ඇදෙන්නට විය. පෙර සූදානම් කරගත් මාගේ දුරකතන අංකය සටහන් කරගත් කඩදාසි කැබැල්ල මාගේ එක් අතක විය. ඈ පසුපසින්ම බසයෙන් බැසගත් මා ඇයට කතා කිරීමට උත්සාහ කරත්ම මාගේ ජංගම දුරකතන නාද විය. එයට ශාප කරමින් දුරකතනය අතට ගත් මා ඒ දෙස නොබලාම ඇමතුම විසන්දි කොට ඈ දෙසට පා තැබීමි. යලිත් මාගේ ජංගමය නාද වන්නට විය. අමතන්නාට හිතින් බැණ වදිමින් මම දුරකතනයේ තිරය දෙස බැලීමි. මාගේ පෙම්වතියගේ සිනාමුසු මුහුණ එහි සටහන්ව තිබිණි. මා පෙම්වතිය මුණගැසීමට යමින් සිටි බව මට සිහි වූයේ එවිටය. ඒ වන විට වේලාව උදෑසන නවය පසුවී විනාඩි දහයක් ගතවී තිබිණි. මා ඇයට පෙරදින පොරොන්දුවූයේ උදෑසන නවය වනවිට ඈ හමුවන බවයි. ආගන්තුක තරුණිය ඒ සියල්ල මාගේ මනසින් මකා දමා තිබිණි. 
යලි බසයක නැගී පෙම්වතිය මුණගැසෙනවාද නැතහොත් ආගන්තුක තරුණිය පසුපස ගොස් ඇයට දුරකතන අංකය දී පසුව පෙම්වතිය හමුවීමට යනවාදැයි මඳක් වෙලා සිතින් තර්ක කල මම ආගන්තුක තරුණිය පසුපස යෑමට හිතා ගතිමි. 
මම කොච්චර වෙලා එයා එනකන් රස්තියාදු වෙලා තියෙනවද? අද ඔන්නඔහෙ ටිකක් බලන් හිටපු දෙන් 

ඒ ආකාරයට සිත සනසා ගත් මා ආගන්තුක තරුණිය දෙසට පා තැබීමට සිතා ඉදිරිය බලන විට ඈ අතුරුදහන්ව සිටියාය. පෙම්වතියට සිතින් බැනවදිමින් මම ඉක්මන් ගමනින් ඉදිරියට පා තැබීමි. ඒ අතර යලිත් මාගේ ජංගමයා නාද වන්නට විය. එය පරික්ශා කරන විට යලිත් මාගේ පෙම්වතියම මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටියාය.
මහත් වූ කෝපයෙන් යුතුව ඇමතුම විසන්දි කල මා යලිත් තරුණිsoසොයාා ැබීමි. මේ අතර යලි යලිත් මාගේ ජංගම දුරකතනය නාද වූවත් මම එය නොසලකා සිටියෙමි.
බොහෝ වේලා නගරය පුරා ඒ මේ අත ඇවිද ගියත් ආගන්තුක තරුනිගේ සේයාවක්වත් දැකීමට නොහැකි විය. සිය ගණනක් වූ මිනිසුන් මැද ඈ අතුරුදහන්ව සිටියාය.
ඈ සොයා ගත නොහැකි තැන මා යලි පෙම්වතිය හමුවීමට සිතා යලි බසයකට ගොඩ වීමි. ඒ වන විට වේලාව පෙරවරු දහයද පසුවේ තිබිණි. පෙම්වතියට කියන්නට කතාවක් සිතින් ගොතන ගමන් මම ඇයට ඇමතුමක් ගන්නට ජංගමය අතට ගත්තෙමි. ඒ වන විට පෙම්වතියගෙන් මගහැරුනු ඇමතුම් රාශියක් විය. මා ඇයට ඇමතුමක් ගෙන බොහෝ වේලා ගත වූ පසු නුපුරුදු පිරිමි කටහඩක් දුරකතනයෙන් ඇසෙන්නට විය.
හෙලෝ 
කවුද ඔයා? කොහොමද මේ ෆෝන් එක ඔයාගෙ අතට ආවෙ?
ආ මේ ෆෝන් එක ලග තිබුනු ගෑනු ලමය වෑන් එකකට හැප්පුනා. මන් තමා ඒ ලමයව හොස්පිටල් ගෙනාවෙ. 
මාගේ කකුල් පණ නැතුව යනවාක් මෙන් මා හට දැනුණි. මම බසයෙහි අසුනක් දැඩි කර අල්ල ගතිමි.
හැප්පුනා?? ඒ කොහොමද? මොකද උනේ?
වෙව්ලන හඬින් යුතුව මම නුපුරුදු පිරිමි හඬින් ප්‍රශ්න කලෙමි.
මේ ලමය ෆෝන් එක කනේ තියා ගෙන පාර බලන්නෙ නැතුව පාර පනින්න හැදුව. එතකොටම අවිල්ල වෑන් එකේ හැප්පුන. මග ගේන කොටම හුස්ම ගියා මම හිතන්නෙ 
මාගේ ඇස් නිලංකාරවීගෙන ගියේය.

අයියෙ ඔයා කවදාවත් මේ නංගිටනම් වංචාවක් කරන්න හිතන්නවත් එපා. ඔයා එහෙම කරන්න හිතුවත් මාව මැරිලම යන්න ඕනෙ.
තොදොල් හඬින් ඈ පැවසූ වදන් මාගේ සවන් පුරා විසිරෙන්නට විය. දුරකථනයෙන් තව මොනාදෝ කිව්වත් මාගේ සවn පෙම්වතියගේ හඬින් පිරී තිබිණි.
අතින් ලිස්සා දුරකතනය බිම වැටෙනවාවත් මට නොදැනිණි. බිම බලන විට ඈ දුරකතනයේ තිරය තුලින් මා දෙස බලා මද සිනා පාමින් උන්නාය. මට මතක තිබුනේ එය පමණි.

No comments:

Post a Comment