Powered By Blogger

Friday, October 2, 2015

ඊරිසියාව

පන්තියෙ පිස්සුම කෙලපු ඌ
දැන් බැංකුවක වැඩලු
ලොකු පඩියකුත් ගන්නවලු
ලගදි හොනට් එකකුත් ගත්තලු
පන්තියෙ හිටපු වැඩ්ඩ වෙච්ච මං
තාම පරණ ඩිස්කවර් කටුවක් පදින ගමන්
ටයිල් අදිනව
ඊරිසියයි තමයි යකෝ
මං තාම රහත් වෙලා නෑ

~~ පුපුරන මං ~~

අංකල්

මගෙ පුතා ඉතාලියෙ
දුව ඇමරිකාවෙ
එයාල අපිට අවුරුද්දකට සැරයක් බඩු එවනව
අපි කන්නෙ බොන්නෙ පිටරට දේවල් විතර්යි
මගෙන් ඉල්ලගත්ත සිගරට් එක අදින ගමන්
මටම කියවන අංකල්
උඹේ ඔය පම්පෝරිය කියපන්
මොන්ටිසෝරි යන ලමයෙකුට

~~ එපා වුන මං ~~



හීන

දාස් ගණන් සල්ලි වියදම් කරල සිවිල් ඉංජිනේරු කෝස් කරල තවමත් අතට එන සොච්චම් පඩියත් ඒකටම යට කර කර මෙලෝ වැඩක් නැතුව ටයිල් ශෝ රූම් එකට වෙලා ඔහේ ඉන්න කොට මටත් එනව මාර ව්‍යාපාරික අදහස්. ඒ අදහස ෆැන්ටසි ලෝකයක් ඇතුලෙ ක්‍රියාවට නංවල අඩියෙන් අඩිය ඉස්සරහට යන මං විනාඩි දහයක් ඇතුලත කෝටිපතියෙකුත් වෙලා මගෙ වටේපිටේ ඉන්න උන්වත් ගොඩ අරන් ඉවරයි. ටයිල් බලන්න විතරක් එන මොකෙක්හරි එකෙක් හින්ද මට විනාඩි දහයට වඩා ඒ ෆැන්ටසිය ඇතුලෙ ඉන්න බෑ. දොර ඇරෙන සද්දෙට ඒ ෆැන්ටසි ලෝකෙ කඩන් වැටෙනව. ආපු එකාට හැමදාම එකම විදියට කියවන ටයිල් ගැන විස්තරේ කියෝල ඉවර උනාම ඌ ටික වෙලාවක් එහෙ මෙහෙ කැරකිල පස්සෙ එන්නම් මල්ලි කියල යනව. මං ආයෙ හීන මවන්න පටන්  ගන්නව. ඔය විදියට දවල් දොලහ වෙනකන් ඉඳල උදේ අම්මට කියල බැඳගත්ත බත් එක ලෙහා ගන්නව.
සම්බෝලයි බතුයි පුතේ උදේට ඉව්වෙ. මං සල්ලි දෙන්නම් දැන් බත් ටිකක් කාල එහෙ ගිහින් කඩෙන්වත් බත් එකක් අරන් කන්න 
ගෙදර තියෙන අඟහිඟකම් දන්න හින්ද මට සල්ලි ගන්න හිතෙන්නෙ නෑ.
දැන් වෙලාවක් නෑ අම්මෙ. මං මේක ගිය ගමන් කාල දවල්ට බත් එකක් ගන්නම් මගෙ අතේ සල්ලි වගයක් තියෙනව 
මේ විදියට අම්මට බොරු කියල ශෝ රූම් එකට ඇවිල්ල උදේටයි දවල්ටයි දෙකටම අල්ලල සම්බෝලයි බතුයි කන මම කාල ඉවර වෙලා ආයෙ ෆැන්ටසි ලෝකෙ තනි වෙනව.

Thursday, October 1, 2015

ට්‍රෙන්ඩ් එක

සුජීගේ ළමයට ෆෝන් දී
ඔශාණි නංගිට හුරේ දමා
මිනී මරුවන් එල්ලා අවසන
දැන් බුකිය පුරා ගුටි කන නංගිට පව් කියමු

~~ රැල්ලට යන මං ~~

මාස පඩිය

මාසෙ අන්තිම වෙනකන්
කෙල හල හල ඉඳ
අතට ආ සැණින් දියවී යන
පහුවදා ඉඳන්
ඊලඟ මාසෙ ඉවර වෙනකන්
ආයෙ කෙල හල හල බලාගෙන ඉන්න වෙන
සීනි කැටයකි උඹ
මාසෙ පඩිය

~~ හිඳුන මං ~~

Wednesday, September 30, 2015

කෙලවීමට පෙර

හැමකෙනෙක්ම ජීවිතයේ
එක් වතාවක් හෝ අත්විඳ ඇති
කෙලවීමට පෙර දැනෙන
හැඟීමට ගැහීමට
වෙන දෙයක් නම්
ලොව නැති

~~කෙලවුන මං~~

Monday, July 6, 2015

ආත්මානුකම්පාව

ඈතින් එන බස් රථය දුටු මම අත දමා එය නවතා ඊට ගොඩ වීමි. සතියේ දිනයක් නොවුවත් බසයෙහි බොහෝ අසුන් පිරී තිබූ අතර එක් යුගල අසුනක ජනේලය අයිනේ අසුනක් පමනක් ඉතිරිව තිබිණි. එහි  අනිත් කොනෙහි සුරූපි තරුණියක් අසුන්ගෙන සිටියාය.

මෙතන මන් ඉඳගත්තට කමක් නැද්ද?
 තරුණිය මඳක් පස්සටවී මා හට අසුන වෙත යාමට ඉඩ දෙමින් ඊට අනුමැතිය පෑවාය. මා එහි වාඩිවී ඈ දෙස බලා සිනහ වූවත් ඇය එය නොදුටුසේ අහක බලා ගත්තාය. මා ඇය සමඟ කතාවක් පටන් ගැනීමට මාතෘකාවක් කල්පනා කරන අතර බසය එක් සති අන්ත උපකාරක පන්තියක් අසල වූ නැවතුමක නැවැත්තුවේය. නැවතුමෙහි පිරීවුන් නව යොවුන් තරුණ තරුණියන් පොරකමින් බසයට ගොඩ වන්නට විය. මද වේලාවකින් බසය සම්පූර්ණයෙන්ම පිරී ගිය අතර තරුණ තරුණියන් ඔවුනොව්න් අමතන හඬින් ද සිනා වෙන හඬින් ද  බසය පිරී ගියේය. තරුණිය නොපහන් මුහුණින් යුත්ව ඔවුන් දෙස රවා බැලුවාය.

කනක් ඇහිල ඉන්න නෑ නේද?
 ඈ සමඟ කතාවකට මුලපුරන අදහසින් මා විමසුවත් කිසිත් නොපැවසූ ඇය යලි ඉදිරිය බලා ගත්තාය.  එය දුටු අසල උන් සිසුවියන් පිරිසක් මා දෙස බලා සිනාසෙන්නට විය. සිදුවූ ලැජ්ජාව දරා ගනිමින් එය නොදුටු ලෙස මමද ඉදිරිය බලා ගතිමි. මේ අතර එක් නැවතුමකින් අවුරුදු හැටක පමණ පෙනුමක් ඇති පුද්ගලයෙක් බසයට ගොඩවී ඉදිරියෙහි වූ නව යොවුන් තරුණියන්ගේ සිරිරුවල අසාමාන්‍ය ලෙස ගැටෙමින් ඔවුන්ගේ රැවිලි ගෙරවිලි වලට මුහුණ පාමින් අප සිටි අසන අසලටවිත් අසුන අල්ලා ගෙන තරුණියගේ සිරුරෙහි ගැටෙන ආකාරයට නැවතුනේය. තරුණිය මහත් අප්‍රසන්නතාවයෙන් යුතුව ඔහු දෙස රවා බලා ඔහුගෙන් මඳක් පසකට විය. ඔවු මේ පැමිණ ඇත්තේ මාගේ වාරයයි. ඇය ඉදිරියේ වීරයෙකු වීමෙන් ඇය සමඟ කතා කිරීමට පමණක් නොව සමහරවිට ඇය සමඟ සබඳතාවයක් ද පටන් ගත හැක.

නංගි ඔතන ඉන්න බෑ නේද? ඔයා මේ පැත්තෙන් ඉඳගන්න. 
මුන්ගෙ වයසට නෙමෙයි වැඩ. කොහෙන් හරි කෙල්ලෙක්ට හේත්තුව දාන්න හමා බලන්නෙ. තමුසෙට මේ වයසෙ ලමයිනුත් ඇති නේද ඕයි.
 මම මහ හඬින් පැවසුවෙමි. වටින් පිටින් මගේ කතාව අනුමත කරන හඬවල්ද ඇසෙන්නට විය. මහලු පුද්ගලයා මහත් ලැජ්ජාවෙන් යුතුව බසයෙන් බැස ගිය අතර තරුණිය සිනාමුසු මුහුණින් මා සමඟ කතාව ආරම්භ කලාය.
                                                                     ***
                                               උදේම දියණිය බැලීමට පිළිකා රෝහලට ගිය මම යලි නිවසට යෑමට බසයක් එනතුරු බස් නැවතුමෙහි බලා සිටියෙමි. දියණිය රෝහල් ගතකලදා සිට හරිහමන් නින්දකුත් කුස පිරෙන්න ආහාරයකුත් නොලබා සිටි මගේ සිරුර මටම අවනත නොවන සෙයකි. මීට වසර දෙකකට පමණ පෙර මාගේ බිරිඳ මාගෙන් උදුරා ගත් පිළිකා මාරයා මගේ දියණියද තමන්ගේ ග්‍රහණයට ගෙන ඇත්තේ මා පෙර ආත්මයක කල කර්මයක් නිසා විය යුතුය.
                                           බිරිඳ දිවියෙන් සමුගත් පසු මා ජීවත් වූයේ මගේ දියණිය වෙනුවෙන්‍ ය. ඇයත් මාගෙන් වෙන්වී ගියහොත් මා ජීවත් වන්නේ කුමක් සඳහාද? මාගේ දෙනෙත් කඳුලින් බරවී ගියේ මටත් නොදැනීමය. රෝහලෙන් දුන් තුන්ඩුවෙහි වූයේ දියණිය සඳහා නියම කරන ලද එන්නතකි. රෝහලෙහි එය නොමැති නිසා එය පිටින් මිලදී ගත යුතුය. ඒ සඳහා ප්‍රමානවත් මුදලක් මා අත නැත.
                                      විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන මා මාගේ බිරිඳ වෙනුවෙන්  සියලුම සේසත වියදම් කර ඈ සුවපත් කර ගැනීමට උත්සාහ කලෙමි. බිරිඳ මියයන විට මා හට ඉතිරි වූයේ අප පදිංචිව සිටි නිවස පමණකි. ගුරුවරියක වූ තවමත් අවිවාහක මාගේ දියණියගේ ප්‍රතිකාර වෙනුවෙන් මේ වන විට පදිංචි නිවසද උගස් කර ඇත. එයින් ඉතිරිව ඇති මුදල බැංකුවෙන් ගෙන දියණියට අවශ්‍ය එන්නතද රැගෙන හෙට උදෑසනම  රෝහලට යායුතුය.
                                    මෙලෙස කල්පනා කරමින් සිටින විට සෙනඟ පිරී ගිය බසයක් නැවතුමෙහි නවත්තන ලදී. බොහෝ අමාරුවෙන් එයට ගොඩවූ මම ඒ මේ අත විසි වෙමින් මගීන්ගේ රැවිලි වලට මුහුණු දෙමින් බැණුම් අහමින් බසය තුලට ගොස් සිරුරෙහි වූ අප්‍රණිකත්වය නිසා එක් අසුනකට වාරු වුනෙමි. එම අසුනෙහි වාඩිවී වුන් තරුණිය මා දෙස රවා බලමින් මගෙන් ඈත්විය. ඒ සමඟම තරුණිය සමඟවාඩිවී වුන් තරුණයා මහත් රලු වදනින් මා හට දොස් කියන්නට වූ විට බසයෙහි වුන් අනිත් මගීන්ද එයට එකතු විය.මා කෙරෙහිම ඇති වූ අත්මානුකම්පාව නිසා මාගේ දෙනෙත් කදුලින් තෙත් විය. මාගේ ජීවිතය තුල මේ සා ලැජ්ජාවකට පත්වූ ප්‍රථම අවස්තාව මෙයයි. කඳුලු සඟවා ගත් මම  තවත් ඇනුම් බැණුම් අසා සිටීමට නොහැකි තැන බසයෙන් බැස ගත්තෙමි.

Friday, July 3, 2015

මගේ හිතලුවක්

ලැසි ගමනින් පැමිණි බස් රථය බස් නැවතුමට ලඟාවිය. බසයට නැගුණු මොහොතේ සිට මා නෙත් සොරා ගත් ඇයගේ නැවතුමත් මෙය බව ඇගේ ඉරියව් අධ්‍යයන කරමින් මට වැටහුණි. මාගේ නැවතුම තව නැවතුම් දෙකකට එහේයින් තිබුනත් මටම අවනත නොවූ මගෙ දෙපා ඈ පසුපස ඇදෙන්නට විය. පෙර සූදානම් කරගත් මාගේ දුරකතන අංකය සටහන් කරගත් කඩදාසි කැබැල්ල මාගේ එක් අතක විය. ඈ පසුපසින්ම බසයෙන් බැසගත් මා ඇයට කතා කිරීමට උත්සාහ කරත්ම මාගේ ජංගම දුරකතන නාද විය. එයට ශාප කරමින් දුරකතනය අතට ගත් මා ඒ දෙස නොබලාම ඇමතුම විසන්දි කොට ඈ දෙසට පා තැබීමි. යලිත් මාගේ ජංගමය නාද වන්නට විය. අමතන්නාට හිතින් බැණ වදිමින් මම දුරකතනයේ තිරය දෙස බැලීමි. මාගේ පෙම්වතියගේ සිනාමුසු මුහුණ එහි සටහන්ව තිබිණි. මා පෙම්වතිය මුණගැසීමට යමින් සිටි බව මට සිහි වූයේ එවිටය. ඒ වන විට වේලාව උදෑසන නවය පසුවී විනාඩි දහයක් ගතවී තිබිණි. මා ඇයට පෙරදින පොරොන්දුවූයේ උදෑසන නවය වනවිට ඈ හමුවන බවයි. ආගන්තුක තරුණිය ඒ සියල්ල මාගේ මනසින් මකා දමා තිබිණි. 
යලි බසයක නැගී පෙම්වතිය මුණගැසෙනවාද නැතහොත් ආගන්තුක තරුණිය පසුපස ගොස් ඇයට දුරකතන අංකය දී පසුව පෙම්වතිය හමුවීමට යනවාදැයි මඳක් වෙලා සිතින් තර්ක කල මම ආගන්තුක තරුණිය පසුපස යෑමට හිතා ගතිමි. 
මම කොච්චර වෙලා එයා එනකන් රස්තියාදු වෙලා තියෙනවද? අද ඔන්නඔහෙ ටිකක් බලන් හිටපු දෙන් 

ඒ ආකාරයට සිත සනසා ගත් මා ආගන්තුක තරුණිය දෙසට පා තැබීමට සිතා ඉදිරිය බලන විට ඈ අතුරුදහන්ව සිටියාය. පෙම්වතියට සිතින් බැනවදිමින් මම ඉක්මන් ගමනින් ඉදිරියට පා තැබීමි. ඒ අතර යලිත් මාගේ ජංගමයා නාද වන්නට විය. එය පරික්ශා කරන විට යලිත් මාගේ පෙම්වතියම මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටියාය.
මහත් වූ කෝපයෙන් යුතුව ඇමතුම විසන්දි කල මා යලිත් තරුණිsoසොයාා ැබීමි. මේ අතර යලි යලිත් මාගේ ජංගම දුරකතනය නාද වූවත් මම එය නොසලකා සිටියෙමි.
බොහෝ වේලා නගරය පුරා ඒ මේ අත ඇවිද ගියත් ආගන්තුක තරුනිගේ සේයාවක්වත් දැකීමට නොහැකි විය. සිය ගණනක් වූ මිනිසුන් මැද ඈ අතුරුදහන්ව සිටියාය.
ඈ සොයා ගත නොහැකි තැන මා යලි පෙම්වතිය හමුවීමට සිතා යලි බසයකට ගොඩ වීමි. ඒ වන විට වේලාව පෙරවරු දහයද පසුවේ තිබිණි. පෙම්වතියට කියන්නට කතාවක් සිතින් ගොතන ගමන් මම ඇයට ඇමතුමක් ගන්නට ජංගමය අතට ගත්තෙමි. ඒ වන විට පෙම්වතියගෙන් මගහැරුනු ඇමතුම් රාශියක් විය. මා ඇයට ඇමතුමක් ගෙන බොහෝ වේලා ගත වූ පසු නුපුරුදු පිරිමි කටහඩක් දුරකතනයෙන් ඇසෙන්නට විය.
හෙලෝ 
කවුද ඔයා? කොහොමද මේ ෆෝන් එක ඔයාගෙ අතට ආවෙ?
ආ මේ ෆෝන් එක ලග තිබුනු ගෑනු ලමය වෑන් එකකට හැප්පුනා. මන් තමා ඒ ලමයව හොස්පිටල් ගෙනාවෙ. 
මාගේ කකුල් පණ නැතුව යනවාක් මෙන් මා හට දැනුණි. මම බසයෙහි අසුනක් දැඩි කර අල්ල ගතිමි.
හැප්පුනා?? ඒ කොහොමද? මොකද උනේ?
වෙව්ලන හඬින් යුතුව මම නුපුරුදු පිරිමි හඬින් ප්‍රශ්න කලෙමි.
මේ ලමය ෆෝන් එක කනේ තියා ගෙන පාර බලන්නෙ නැතුව පාර පනින්න හැදුව. එතකොටම අවිල්ල වෑන් එකේ හැප්පුන. මග ගේන කොටම හුස්ම ගියා මම හිතන්නෙ 
මාගේ ඇස් නිලංකාරවීගෙන ගියේය.

අයියෙ ඔයා කවදාවත් මේ නංගිටනම් වංචාවක් කරන්න හිතන්නවත් එපා. ඔයා එහෙම කරන්න හිතුවත් මාව මැරිලම යන්න ඕනෙ.
තොදොල් හඬින් ඈ පැවසූ වදන් මාගේ සවන් පුරා විසිරෙන්නට විය. දුරකථනයෙන් තව මොනාදෝ කිව්වත් මාගේ සවn පෙම්වතියගේ හඬින් පිරී තිබිණි.
අතින් ලිස්සා දුරකතනය බිම වැටෙනවාවත් මට නොදැනිණි. බිම බලන විට ඈ දුරකතනයේ තිරය තුලින් මා දෙස බලා මද සිනා පාමින් උන්නාය. මට මතක තිබුනේ එය පමණි.

Tuesday, May 19, 2015

දවසෙ start එක....

ගොන් බූරුවො නැගිටපිය මූසලය වගේ තවත් නිදාගෙන ඉන්නෙ නැතුව....                                                  රෑ තිස්සෙ මගුල් බලල බලල මෙතන පුකට ඉර එලිය වැටෙනකන් නිදි........ තෝ නැගිට්ටෙ නැත්තන් දෙන්නෙ පයින් දැන ගනින්
 උදේ පාන්දර 9ට විතර තාත්තගෙ මුවෙන් පිට උන මේ සුන්දර වදන් මාලාවත් අහගෙනම මන් අවදි උනා. තව ටිකක් ඇදේ පෙරලි පෙරලි හිටියොත් ආදරණිය පියාණන්ගෙන් පයින් පාරක් කන්න වෙන බව දැනන් හිටපු හින්ද  කබ කඩන ගමන්ම ඇදෙන් නැගිට්ට මම සාලෙට යන්න හදද්දි ඇගට හීන් හුලන් පාරක් වැදුන. 

හුටා කෝ යකෝ මන් ඊයෙ රෑ ඇදන් නිදාගත්ත සරම? 

මෙහෙම එලියට ගියානම් මන් වසල හමාරයි. සරම ඇඳ උඩත් නෑ යටත් නෑ. බබ්බු දුසිම් 100කට 200කට නවාතැන් සපයපු මගෙ සරමෙන් මන් දන්න තරමින් කාටවත් වැඩක් නෑ. 
ඉස්සරහ ගෙදර පවනි නංගිවත් සරම ඉස්සුවද?  
මගෙ කාමරේට එන්නනම් අනිවාරෙන්ම ජනේලෙන් පනින්න ඕනෙ. ඒකි ජනේලෙන් පනිනව තියා දොරෙන් එන්නෙත් බොහොම අමාරුවෙන්. එච්චර සයිස්. ඒ හින්ද ඒක වෙන්න විදියකුත් නෑ.
මන් ටිකක් කාමරේ කැරකිල බැලුව. සරමෙන් එන සුපුරුදු සුවඳ තාම කාමරේ තියෙනව. ඒ කියන්නෙ සරම තාම කාමරේ.
ආ..... මේ තියෙන්න බඩ්ඩ.. කොහොමද යකෝ මේක අල්මාරිය උඩට ගියෙ? 
මේව මාව ලැජ්ජාවට පත්කරන්න කරපු විජාතික කුමන්ත්‍රණ...
සරම හන්ඟපු කුමන්ත්‍රණකාරයින්ට හිතින් කුණුහරප දෙකක් කියල බනින ගමන් මම සරමත් පටලගෙන එලියට බැස්ස.

ආ...... තෝ නැගිට්ටද? තව ටිකක් බලල මන් වතුර බේසමක් අරන් එන්නයි හිටියෙ. 
අම්මත් මාව උණුසුම් විදියට පිලිගත්ත.
ඉක්මනට තේ එකක් හදල දෙන්න අම්මෙ.. අද වැදගත් වැඩකට යන්න තියෙනව 
අනේ උඹටතියෙන වැදගත් වැඩ? අර මොකෙක්හරි එකෙක්වත් අල්ල ගෙන කොහෙහරි ඉන්න කෙල්ලෙක්ව බලන්න යන්න නේද හදන්නෙ.... 
ඒ මගෙ චූටි නංගි. අපේ ගෙදර මිනිස්සුන්ව මට විරුද්දව උසි ගන්නන්නෙත් මගෙ ආදර නංගි තමයි.
අනේ මේ උඹට ඒකෙන් වැඩක් නෑනෙ. උඹ උඹේ වැඩක් බලා ගනින්. මගෙ සුදු අම්මි මට තේ එකක් හදල දෙන්නකො 
යමන් ගිහින් දත් ටික මැදන් වරෙන් තේ බොන්න කලින්. උඹ සතියකින් විතර දත් බුරුස්සුව අල්ලනවවත් මන් දැක්කෙ නෑ. මදින්න අමාරු වගේ නම් අර කපන කටුවත් අරන් යමන්. 
 මගෙ ආදරණීය පියාණනනුත් බාල්දි පෙරලන්නෙ මටම තමයි. ඉස්සරහ ගෙදර පවනි නංගිත් කින්ඩියට හිනා වෙනව. මන් ඉතින් ලැජ්ජාව අත් දෙකෙන් වහගෙන දත් මදින්න ගියා.

ඒ තමා මට අපේ ගෙදර තියෙන පිලිගැනීම. ඒ විදියට දවස පටන් ගත්තම දවසම සුබයි ඉතින්. අපේ පවනි බඩ්ඩටත් මට හිනා වෙන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. මන් පවනි ගැන කියෙව්වට මගෙ ලව් එක පවනි නෙමෙයි හරිය. පවනි මට ලව් එක වෙනම කතාවක්. මාත් ඉතින් අහිංසක හිත් තලන්න කැමති නැති හින්ද පොඩ්ඩක් පවනි නංගිටත් බැල්මට් එක දානව. කාගෙ උනත් දරුවොනෙ ඉතින්.

Thursday, May 7, 2015

ටැස් කිරීමේ පෝස්ටුවක් බව කරුණාවෙන් සලකන්න

ටැස්ටින් වන් ටූ ටී වන් ටු ටී. ටොක් ටොක් ටොක්. හූස් හූස්. 
ගොඩ බඩ්ඩ වැඩ තාම. අනේ මල්ලී, ඔය කොස්ස ගෙනත් මේ මකුලු දැල් ටික කඩල දාපන් හොඳ එකා වගේ. අඩේ ඒ ටිකට නමත් උස්සල. මොන සුක්කානුවද බොල නම ඉස්සුවෙ. හරි මචන් ගින්නක් නෑ. ඔරවන්න ඕනෙ නෑ. උබ ඕක තියා ගනින්. අපි වෙන අතක් බලා ගන්නම්.
එහෙනම් අපි ආයෙත් එන්නෛ හදන්නෙ. ඉතින් අපිට මොකෝ කියලනම් අහන්න එපා. අහිංසක හිත්නෙ. දුක හිතෙනව. එහෙනම් ලගදිම හම්බෙමු. ජය වේවා.