Powered By Blogger

Friday, October 2, 2015

හීන

දාස් ගණන් සල්ලි වියදම් කරල සිවිල් ඉංජිනේරු කෝස් කරල තවමත් අතට එන සොච්චම් පඩියත් ඒකටම යට කර කර මෙලෝ වැඩක් නැතුව ටයිල් ශෝ රූම් එකට වෙලා ඔහේ ඉන්න කොට මටත් එනව මාර ව්‍යාපාරික අදහස්. ඒ අදහස ෆැන්ටසි ලෝකයක් ඇතුලෙ ක්‍රියාවට නංවල අඩියෙන් අඩිය ඉස්සරහට යන මං විනාඩි දහයක් ඇතුලත කෝටිපතියෙකුත් වෙලා මගෙ වටේපිටේ ඉන්න උන්වත් ගොඩ අරන් ඉවරයි. ටයිල් බලන්න විතරක් එන මොකෙක්හරි එකෙක් හින්ද මට විනාඩි දහයට වඩා ඒ ෆැන්ටසිය ඇතුලෙ ඉන්න බෑ. දොර ඇරෙන සද්දෙට ඒ ෆැන්ටසි ලෝකෙ කඩන් වැටෙනව. ආපු එකාට හැමදාම එකම විදියට කියවන ටයිල් ගැන විස්තරේ කියෝල ඉවර උනාම ඌ ටික වෙලාවක් එහෙ මෙහෙ කැරකිල පස්සෙ එන්නම් මල්ලි කියල යනව. මං ආයෙ හීන මවන්න පටන්  ගන්නව. ඔය විදියට දවල් දොලහ වෙනකන් ඉඳල උදේ අම්මට කියල බැඳගත්ත බත් එක ලෙහා ගන්නව.
සම්බෝලයි බතුයි පුතේ උදේට ඉව්වෙ. මං සල්ලි දෙන්නම් දැන් බත් ටිකක් කාල එහෙ ගිහින් කඩෙන්වත් බත් එකක් අරන් කන්න 
ගෙදර තියෙන අඟහිඟකම් දන්න හින්ද මට සල්ලි ගන්න හිතෙන්නෙ නෑ.
දැන් වෙලාවක් නෑ අම්මෙ. මං මේක ගිය ගමන් කාල දවල්ට බත් එකක් ගන්නම් මගෙ අතේ සල්ලි වගයක් තියෙනව 
මේ විදියට අම්මට බොරු කියල ශෝ රූම් එකට ඇවිල්ල උදේටයි දවල්ටයි දෙකටම අල්ලල සම්බෝලයි බතුයි කන මම කාල ඉවර වෙලා ආයෙ ෆැන්ටසි ලෝකෙ තනි වෙනව.

No comments:

Post a Comment