Powered By Blogger

Friday, October 2, 2015

ඊරිසියාව

පන්තියෙ පිස්සුම කෙලපු ඌ
දැන් බැංකුවක වැඩලු
ලොකු පඩියකුත් ගන්නවලු
ලගදි හොනට් එකකුත් ගත්තලු
පන්තියෙ හිටපු වැඩ්ඩ වෙච්ච මං
තාම පරණ ඩිස්කවර් කටුවක් පදින ගමන්
ටයිල් අදිනව
ඊරිසියයි තමයි යකෝ
මං තාම රහත් වෙලා නෑ

~~ පුපුරන මං ~~

අංකල්

මගෙ පුතා ඉතාලියෙ
දුව ඇමරිකාවෙ
එයාල අපිට අවුරුද්දකට සැරයක් බඩු එවනව
අපි කන්නෙ බොන්නෙ පිටරට දේවල් විතර්යි
මගෙන් ඉල්ලගත්ත සිගරට් එක අදින ගමන්
මටම කියවන අංකල්
උඹේ ඔය පම්පෝරිය කියපන්
මොන්ටිසෝරි යන ලමයෙකුට

~~ එපා වුන මං ~~



හීන

දාස් ගණන් සල්ලි වියදම් කරල සිවිල් ඉංජිනේරු කෝස් කරල තවමත් අතට එන සොච්චම් පඩියත් ඒකටම යට කර කර මෙලෝ වැඩක් නැතුව ටයිල් ශෝ රූම් එකට වෙලා ඔහේ ඉන්න කොට මටත් එනව මාර ව්‍යාපාරික අදහස්. ඒ අදහස ෆැන්ටසි ලෝකයක් ඇතුලෙ ක්‍රියාවට නංවල අඩියෙන් අඩිය ඉස්සරහට යන මං විනාඩි දහයක් ඇතුලත කෝටිපතියෙකුත් වෙලා මගෙ වටේපිටේ ඉන්න උන්වත් ගොඩ අරන් ඉවරයි. ටයිල් බලන්න විතරක් එන මොකෙක්හරි එකෙක් හින්ද මට විනාඩි දහයට වඩා ඒ ෆැන්ටසිය ඇතුලෙ ඉන්න බෑ. දොර ඇරෙන සද්දෙට ඒ ෆැන්ටසි ලෝකෙ කඩන් වැටෙනව. ආපු එකාට හැමදාම එකම විදියට කියවන ටයිල් ගැන විස්තරේ කියෝල ඉවර උනාම ඌ ටික වෙලාවක් එහෙ මෙහෙ කැරකිල පස්සෙ එන්නම් මල්ලි කියල යනව. මං ආයෙ හීන මවන්න පටන්  ගන්නව. ඔය විදියට දවල් දොලහ වෙනකන් ඉඳල උදේ අම්මට කියල බැඳගත්ත බත් එක ලෙහා ගන්නව.
සම්බෝලයි බතුයි පුතේ උදේට ඉව්වෙ. මං සල්ලි දෙන්නම් දැන් බත් ටිකක් කාල එහෙ ගිහින් කඩෙන්වත් බත් එකක් අරන් කන්න 
ගෙදර තියෙන අඟහිඟකම් දන්න හින්ද මට සල්ලි ගන්න හිතෙන්නෙ නෑ.
දැන් වෙලාවක් නෑ අම්මෙ. මං මේක ගිය ගමන් කාල දවල්ට බත් එකක් ගන්නම් මගෙ අතේ සල්ලි වගයක් තියෙනව 
මේ විදියට අම්මට බොරු කියල ශෝ රූම් එකට ඇවිල්ල උදේටයි දවල්ටයි දෙකටම අල්ලල සම්බෝලයි බතුයි කන මම කාල ඉවර වෙලා ආයෙ ෆැන්ටසි ලෝකෙ තනි වෙනව.

Thursday, October 1, 2015

ට්‍රෙන්ඩ් එක

සුජීගේ ළමයට ෆෝන් දී
ඔශාණි නංගිට හුරේ දමා
මිනී මරුවන් එල්ලා අවසන
දැන් බුකිය පුරා ගුටි කන නංගිට පව් කියමු

~~ රැල්ලට යන මං ~~

මාස පඩිය

මාසෙ අන්තිම වෙනකන්
කෙල හල හල ඉඳ
අතට ආ සැණින් දියවී යන
පහුවදා ඉඳන්
ඊලඟ මාසෙ ඉවර වෙනකන්
ආයෙ කෙල හල හල බලාගෙන ඉන්න වෙන
සීනි කැටයකි උඹ
මාසෙ පඩිය

~~ හිඳුන මං ~~